2026-02-12
mediahumanrights.lk
NewsPolitical

සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බව ඔහු පැවසීය.

දකුණ නැගෙනහිර කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොලොන්නාව ප්‍රදේශයේදී පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.

Related posts

අවුරුද්ද නිවාඩු නෑ කියා පොලිස් පොඞ්ඩන්ගෙන් චෝදනා

Shiran Viraj

ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

Shiran Viraj

වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලා

Shiran Viraj
Translate »