mediahumanrights.lk
NewsPolitical

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

එම පක්ෂයේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මෙසේ පැවසුවේය.

‘අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්.

මන්නරාම් ද්‍රෝණියේ සුළං බලයෙන් ගිගාවොට් 40කට වැඩිය නිපදවන්න පුළුවන්.

2040 වෙන විට අපේ රටට මුළු ඉල්ලුමම ගිගාවොට් 08යි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් 40,000ක් විතර හදන්න පුළුවන්.

අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයෝජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ.’

Related posts

සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවට

Shiran Viraj

‘දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..’ වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..

Shiran Viraj

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

Shiran Viraj
Translate »