23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

ලොරියක් මහ ඇලට පෙරලේ..

තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන් ලොරි රථයේ රියදුරා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නයේදිය.

ධාවනය කරමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන පොලිසිය කියා සිටියේ.

ලොරි රථය ඇළ මාර්ගයට පෙරලිමත් සමග ලොරි රථයේ රියදුරා සිහිසුන් වි රියදුරු අසුනේම රැදි සිටියදි වතු කම්කරුවන් පිරිසක් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් පිරිසක් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා රියදුරා ඉන් ඉවතට ගෙන රෝහල වෙත ඇතුලත් කර ඇත.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ රියදුරා පමණක් ගමන් කර ඇති බවද දිඹුල පතන පොලිසිය පැවසිය.

ඩොවොන් ඇළ මාර්ගයේ ජල ධාරිතාව පවතින වර්ෂාවත් සමග ඉහල ගොස් ඇති නිසා ලොරි රථය ඇළ මාර්ගය ඔස්සේ ගසාගෙන යාම වැලැක්විම සදහා ලොරි රථය ආධාරක පටි යොදා රදවා ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.

Related posts

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

Shiran Viraj

යුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්

Shiran Viraj

විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..

Shiran Viraj
Translate »