mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රතිපල ලබාදීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනතාව චකිතයක් හෝ සැකයක් ඇතිකර ගත යුතු නැතැයි සභාපතිවරයා පැවසීය.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල සිට කිලෝමීටර් 30කට වැඩි ඉතා දුෂ්කර ප්‍රදේශ වල පිහිටි ඡන්ද පොළවල් තිබේ.

එවැනි ඇතැම් ඡන්ද පොළවල සිට කිලෝමීටර් 05ක් 06ක් දුර පයින් ඡන්ද පෙට්ටි රැගෙන ඒමට ද සිදුවන බව පැවසීය.

ඒ හේතුවෙන් ගණන් කර සමස්ත ප්‍රතිපලය ලබාදීමට ප්‍රමාද විය හැකිය.

ප්‍රතිපල ලබාදීමට ප්‍රමාද වීම තුල ජනතාව අතර විවිධ බොරු ප්‍රචාර පැතිර යා හැකිය.

එහිදී සියලු මාධ්‍ය වෙත විශාල කාර්‍ය භාරයක් පැවරී තිබේ.

ජනතාව සන්සුන් වන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.

–Reporter

Related posts

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවට

Shiran Viraj

රැල්ලේ නොයන සනුකගෙන් ආලයට අපූරු පෙරවදනක්

Shiran Viraj

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

Shiran Viraj
Translate »