mediahumanrights.lk
Local NewsNews

කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුතුව ඉදිකෙරුණු වාට්ටු සංකීර්ණය 09.03 පෙරවරු 08.30 විවෘත්ත කිරීමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීම් සිදුවිය.

ඒ සඳහා රුපියල් මිලියන 160 අධික මුදලක් වැයවී තිබේ.

මේ අතර ඉදිරියේදි මහල් 07කින් යුතු ඇදන් 500කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇතිබව බස්නායක නිලමේවරයා පැවසීය.
වසර 02ක් තුළ එම ගොඩනැගිල්ල සාදා නිමකිරිමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.

– 

Related posts

සමෘද්ධියේ දේශපාලන යටි අරමුණක් ඇති බවට සැක පළ කෙරේ

Shiran Viraj

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…

Shiran Viraj

ඩැමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේ දැවැන්ත පිපිරීමක් (VIDEO)

Shiran Viraj
Translate »