mediahumanrights.lk
News Political

සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බව ඔහු පැවසීය.

දකුණ නැගෙනහිර කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොලොන්නාව ප්‍රදේශයේදී පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Shiran Viraj

වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

Shiran Viraj

කොවිඩ් මරණ 2ක් වාර්තා වේ

Shiran Viraj