mediahumanrights.lk
NewsPolitical

මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපති ධුරයට පත්වූ පසු ජනතා බදු මුදලින් වතුර උගුරක්වත් හෝ කෑම වේලක් නොගන්නාබව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැලිමඩ ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

‘ජනපතිවරු කියන්නේ ජනතාවට කැපකිරීම් කරන්න කියලා නේ. මම 21 වෙනිදා මේ රටේ පොදු ජනතාව අපිට ඒ වටිනා වරම ලබාදෙනකොට ලොකුම කැපකිරීම කරන්නේ රටේ ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාසයි. මම කැපකිරීම් කරලා පෙන්වන්නම්. මම පඩි සහ දීමනා ගන්න ජනපති කෙනෙක් වෙන්නේ නැහැ. මගේ සේවාව මම මාතෘ භූමියට ලබාදෙන්නේ කිසිම වේතනයක් නැතුව. ජනතා බදු මුදලින් මම වතුර උගුරක්වත් ගන්නේ නැහැ. කෑම එකක්වත් ගන්නේ නැහැ රටේ ජනතාවගේ බදු මුදල්වලින්. මම ස්වේච්ඡා ජනපති කෙනෙක් ලෙස කටයුතු කරනවා’

Related posts

ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව දිවයිනට

Shiran Viraj

රිය අනතුරින් 2ක් නොඑන ගමන් යයි

Shiran Viraj

An entrepreneur shares 20 tips for traveling for free

Shiran Viraj
Translate »