32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

ඉදිරි ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබි ඇතිබව ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් ඇතුළු කණ්ඩායමක් විසින් එම පත්‍රිකාව බෙදා හරින බව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදීද මෙලෙස පත්‍රිකාවක් බෙදා හැරි බව පැවසීය.
මෙය ආණ්ඩුක්‍රම විවස්තාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සහ 1981 ජනාධිපතිවරණ පනත ප්‍රකාරව සිදු නොකළ යුතු කටයුත්තක් බව විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

යම් අයෙකුට සිය ඡන්දය භාවිතා නොකළ සිටීමට බලපෑම් කිරීම බරපතළ වරදක් බව පැවසීය.

මේ පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.

මේ අතර මඩකළපුව ප්‍රදේශයේ මංත්‍රීවරයෙකුගේ අනුගාමිකයන් පිරිසක් ආගමික අන්තවාදී මතයක් ගොඩනැගීමට උස්සාහ දරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

Related posts

AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්

Shiran Viraj

පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේ

Shiran Viraj

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

Shiran Viraj
Translate »