mediahumanrights.lk
Local NewsNews

නාගදීපෙට ගිය භාණ්ඩ බෝට්ටුවක් පෙරලෙයි.. අයෙකු මරුට.. තිදෙනෙකුට බරපතලයි..

යාපනය කූරිකඩ්ඩුවන් ජැටියේ සිට නගදීපය දක්වා ගමන්කල භාණ්ඩ යාත්‍රාවක් ඊයේ (02) දින පෙරලීම හේතුවෙන් එහි ගමන්කල එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු රෝහලගත කොට ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය.

කූරිකඩ්ඩුවාන් ජැටියේ සිට නාගදීපය දක්වා මුහුදු සීමාවේ ගමන්කරන මගී යත්‍රාවන්හි උඩ කොටසේ මෙලෙස භාණ්ඩ ප්‍රවහනය කෙරෙන අතර එලෙස භාණ්ඩ තොගයක් නාගදීපය දක්ව ප්‍රවාහනය කරමින් සිටියදී මුහුද රලු වීම හේතුවෙන් අදාල භාණ්ඩ යත්‍රාව පෙරලී ඇත.

යාත්‍රාව පෙරලෙන අවස්ථාවේදී එහි සිව් දෙනෙකු ගමන්කොට ඇති අතර ඔවුන්ද යාත්‍රාව සමගින් මුහුදට වැටී ඇතැත් ඉන් තිදෙනෙකු බේරි පිහිනමින් සිටින අතරවාරයේදී ධීවර යත්‍රාවක සිටි පිරිසක් විසින් අදාල පිරිස බේරාගෙන ඔවුන් අසාද්‍ය තත්වයේ සිටි බැවින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

කෙසේ වෙතත් යාත්‍රවේ සිටි එක් අයෙකු මුහුදේ ගිලීමෙන් මිය ගොස් ඇති අතර එම පුද්ගලයාගේ මළසිරුරද සොයාගනු ලැබීය.

මෙලෙස දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඉන්ද්‍රලිංගම් ගෝපි නැමති අයෙකු බවටද පරික්ෂණ සිදුකරන ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

“මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා

Shiran Viraj

ඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..

Shiran Viraj

ජනපති යෝග දින සැමරුමට එක්වෙයි

Shiran Viraj
Translate »