mediahumanrights.lk
Local News News

විසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බව ද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළ බවත්එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද පැවසීය.

මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද සඳහන් කළේය.

– ඉන්දික තේවාවිතාරණ

Related posts

සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

Shiran Viraj

මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

Shiran Viraj

හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…

Shiran Viraj