mediahumanrights.lk
Local News News

ගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.

මේ දිනවල වෙළෙඳ පොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාවත් සමග ජල ගැලීම තත්ත්වය හමුවේ ගං වතුරට හසුවී මිය ගිය කුකුළන් වෙළෙඳපොළ තුළ විකිණීම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසීය.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිත කර බැවින්, ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977ට දැනුම් දෙන ලෙස එම අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ඉරිදා කැළණිවැලියේ කිසිම දුම්රිය ධාවනයක් නෑ

Shiran Viraj

පොහොට්ටුවේ බළකොටුවක් බිඳවැටේ – මහරගම වැලිගම සහ පානදුරයෙන් පොහොට්ටුවේ නාමයෝජනා විසිවෙයි

Shiran Viraj

ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Shiran Viraj