mediahumanrights.lk
Local NewsNews

රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…

රුසියා යුක්‍රේන යුද්ධයේදී මේවන විට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 16 දෙනෙකු මියගොස් ඇතිබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේ වනවිට ඊට සම්බන්ධ ජාවාරම් කරුවන් රැසක් අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම පුද්ගලයන් අතර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ සාජන් මේජර්වරයෙකු සිටීයි.

දැනට සිදුකර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු රුසියා යුක්‍රේන යුද්ධයට සහභාගි වී සිටින බවයි.

කෙසේ වෙතත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.

මෙම මිනිස් ජාවාරම පිළිබඳ තොරතුරු 0112441146 දුරකථන අංකය මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කල හැකිය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?

Shiran Viraj

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

Shiran Viraj

මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..

Shiran Viraj
Translate »