mediahumanrights.lk
Local News News

රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…

රුසියා යුක්‍රේන යුද්ධයේදී මේවන විට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 16 දෙනෙකු මියගොස් ඇතිබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේ වනවිට ඊට සම්බන්ධ ජාවාරම් කරුවන් රැසක් අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම පුද්ගලයන් අතර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ සාජන් මේජර්වරයෙකු සිටීයි.

දැනට සිදුකර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු රුසියා යුක්‍රේන යුද්ධයට සහභාගි වී සිටින බවයි.

කෙසේ වෙතත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.

මෙම මිනිස් ජාවාරම පිළිබඳ තොරතුරු 0112441146 දුරකථන අංකය මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කල හැකිය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

සමයං ගේ හැකියාව ගැන මහින්දගෙන් උපදේශයක්

Shiran Viraj

කොළඹ අපිරිසිදු කරන්න සංවිධානාත්මක කුණු දමනවා

Shiran Viraj

උපාධිය අරගෙන සතියයි- පොඩි මැණිකෙට පැන දිවිනසාගත් කෙල්ලගේ සංවේදී කතාව

Shiran Viraj