mediahumanrights.lk
Local NewsNews

ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..

ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි.

අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට වුවද කටයුතු කරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.

මෙවන විටත් ලිත්‍රො සමාගම ලාෆ් සමාගම් වෙත සම්බන්ධ කරගැනීමේ කටයුතු ක්‍රියාත්මක මෙන්ම පවතින බවත් ඒ පිළිබඳ අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගැනීම පිළිබඳව කටයුතු සිදුවෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ලිත්‍රො ආයතන ප්‍රතිව්ගතකරණය කිරීම සඳහා දී මේ වන විට ආයතන 14කින් අභිලාෂ ඉදිරිපත් කර ඇති අතර එහි ඇති සුදුසුකම් ඇති එකම දේශීය සමාගම ලාෆ් සමාගම බවත් හෙතෙම එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය අමතමින් පැවසීය.

Related posts

එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…

Shiran Viraj

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Shiran Viraj

පාහියංගල නායයාමේ අවදානමක් නෑ – අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයි

Shiran Viraj
Translate »