mediahumanrights.lk
Local NewsNews

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙන එනු ලබන පනත් කෙටුම්පත (13) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදෙන ලදී.

මෙම පනත් කෙටුම්පත 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

මෙම පනත් කෙටුම්පත භාරගනිමින් පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා ප්‍රකාශකර සිටියේ ජාතික වැදගත්කමක් සේ සලකා නීතිපතිවරයාගේ මතය විමසීමට මෙම පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන බවයි.

– Media unit

Related posts

මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..

Shiran Viraj

මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

Shiran Viraj

චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]

Shiran Viraj
Translate »