mediahumanrights.lk
NewsPolitical

එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..

‘ආකර්ශනීය භාෂාවක් නොනැවතී ගලන ගංගාවක් වගෙයි’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත “තරු යතුර” කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවැති, උත්සවයට එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

කවිය පෝසත් කෙරෙන නිර්මාණක් වෙනුවෙන් වර්තමානයේ මේ තරම් පාඨක සහභාගීත්වයක් එක්වීම සතුටක්. ජාතියට පණ දිය හැකි, ජාතිය ජීවත් කළ හැකි, අපේ අනන්‍යතාවය තහවුරු කෙරෙන උසස් මිනිස් ගුණාංගයන්ගෙන් පිරුණු, අපේ උරුමය කියාපාන්නයි ඔබ අද එක්ව සිටින්නේ. මෙවැනි දෑ තුළින් ඉතිහාසය යළි යළිත් සිහිපත් කරන්නට හැකියි. ලොව මවිත කළ හැකි විවිධ නිර්මාණශීලීන් අප අතර සිටිනවා. අපේ භාෂාවත් එවැන්නක්. එය උතුම් භාෂාවක් ලෙස පෝෂණය කොට, වඩාත් රසවත් කරන්නට වගේම අඛණ්ඩව පවත්වාගෙන යන්න රට වැසියන්ට හැකි වුනා. සිංහල භාෂාව කියන්නේ නොනැවතී ගලන ගංගාවක් සේ නොනැසී පවතින ආකර්ෂණීය භාෂාවක්.

එදා අපේ නිර්මාණකරුවන්ට රේඩියෝ, ටෙලිවිෂන් තිබුණේ නැහැ. ගැමියෝ අස්වැන්න නෙලීමෙන් පසුව සියලු වතාවත් ඉටු කරලා වන්දනාවේ ගියා. ඒ අවස්ථාවල ඔවුන් ජන ගී ඇතුළු නිර්මාණ රසවින්දා. ශතවර්ශ ගණනාවක් රටවැසියන් අපේ නිර්මාණ පෝෂණය කළේ එලෙසයි. කලා වැව, සීගිරිය, යෝද ඇලේ විස්මිත වාරි කර්මාන්තය ආදී දයාදයන් ගැන වූ විස්මිතය අදත් ගෞරවයෙන් සිහිකළ හැකි නිර්මාණ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන විත් අද ලිඛිත ඉතිහාසයක් ලෙස මතු පරපුරට දායාද වී තිබෙනවා.

රෝහණගේ දැනුම, අත්දැකීම් සම්භාරය වගේම නිර්මාණශීලීත්වය මෙලෙස රටට ඉදිරිපත් කිරීම ගැන සතුටු යි. “තරු යතුර” කවි ගැන හිතනකොට අපට සිහිපත් වෙන්නේ එදා අපේ කවියන් කවියෙන් අවදි කළ මහා නිදහස් සටන. අපේ කවියන් අවදි කළ මහා භාෂා සටන. භාෂාවක් පවතින්නේ සංඛ්‍යා ලේඛනවලින් නෙවෙයි. සිංහල භාෂාව පැවතුනේ අපේ මුතුන් මිත්තන් ඉටුකළ අඛණ්ඩ ජාතික වගකීම් තුළින්. ඒ මහා ජාතික වගකීමට මහා සඟරුවන නායකත්වය දුන්නා.

“තරු යතුර” පිළිබඳ විද්වත් අදහස් දැක්වීම සඳහා වේදිකාවක් නිර්මාණය කර තිබූ අතර මහාචාර්ය පාතේගම ඤානීස්සර හිමි, මහාචාර්ය කමල් වලේබොඩ, මහාචාර්ය ගාමිණී රණසිංහ, සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා, හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගනේවත්ත, අතිරේක ලේකම් අනූෂා ගෝකුළ, චීන පීනින්ස් මාධ්‍ය සමූහයේ එමී යංග්, ගත් කතුවර කේ. එම්. අයි. ස්වර්ණසිංහ, කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල, යන විද්වතුන් එහිදී කෙටි අදහස් දැක්වීය.

අවුකන රජමහා විහාරාධිපති ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු දේශපාලන අධිකාරිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් හා විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related posts

අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…

Shiran Viraj

ආධුනික සෙබළියක්ව සිටි කාලයේ සිදුවූ ලිංගික හිංසනයන් සියල්ල වසර 15කට පසු හෙළිකරයි – Video

Shiran Viraj

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj
Translate »