mediahumanrights.lk
NewsPolitical

කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..

‘කිරිපිටි මිල අඩුකරන්න අපි කියනකම්ම ඉන්න වුණාද.. මේක නියම ක්‍රමය නෙවෙයි’ යයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කිරිපිටි මිල අඩුකරන්න අපි කියනකම්ම ඉන්න වුණාද? මේක නියම ක්‍රමේ නෙවෙයි. කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 100 – 150 ත් අතර මිලකින් අඩුකරනවලු. ඒ කතාවට එන්න කලින් මේ වීඩියෝව බලන්න. මේ පසුගිදා පැවති කිරිපිටි මිල ගැන කතාවුණු මුදල් කාරක සභා රැස්වීම.

අපි 2018 කාලයේ හදපු මිල සූත්‍රය කිරිපිටි මිල තීරණය කරන්න භාවිතා කරන්නෙ නැත්තේ ඇයි? ලෝක වෙළෙඳපොළේ විශාල ලෙස කිරිපිටි මිල පහළ යනකොට ලංකාවේ ඒ විදිහට පහළ යන්නේ නැත්තෙ ඇයි? මිල ඉහළ යනවිට ලංකාවේ මිල ඉහළ යන්නෙ ඇයි?

මේ විදිහට අයුතු ලාභ ලබාගන්න ඉඩ දෙන්නෙ ඇයි? කියල මම නිළධාරීන්ගෙන් ප්‍රශ්න කළා. ප්‍රශ්න කරල දින කිහිපයයි ගතවුණේ කිරිපිටි මිල දේශපාලන තීන්දුවකට අනුව අඩු කරනවලු. ඒක යම් සහනයක් තමයි.

හැබැයි, ඡන්ද ලංවෙනකොට මෙහෙම ටොපි දීල හරියන්නෙ නෑ. අපි පුළුල්ව විශ්ලේෂණය කරල හදපු මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න ඕන. එතකොටයි පාරිභෝගිකයාට නියම සහනය ලැබෙන්නේ. මේවා නිකං පැලැස්තර විසඳුම් විතරයි. මිල සූත්‍රය හංගල සමාගම් වලට අයුතු ලාභ ගන්න තවත් ඉඩ තියන්න එපා

– Media unit

Related posts

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා…- නාමල්

Shiran Viraj

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට කමිටු වාර්තාව ජනපතිට…

Shiran Viraj

මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයි

Shiran Viraj
Translate »