mediahumanrights.lk
Local News News

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

තමිල්නාඩු ධීවර ඇමැති අනිකා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථන මාර්ගයෙන් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට අවසර දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද දෙරට අතර පවතින ධීවර ගැටලුවලට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලැබෙන තෙක් මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට අවසර ලබා නොදෙන බව ඇමැතිවරයා විසින් මෙහිදී දැනුම් දී ඇත.

අරුණ බෝගහවත්ත
– Divaina

Related posts

යාපනය සරසවියේ කොටි ස්මාරකයක් සාදා විවෘත්ත කරයි.. කොටි සලකුණු තැන තැන..

Shiran Viraj

"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාව

Shiran Viraj

ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

Shiran Viraj