mediahumanrights.lk
NewsPolitical

ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා සැරසෙමින් සිටිය දී ජනතා විමුක්ති පෙරමුණට එය තේරුම් ගැනීමට හැකියාවක් නොතිබූ බව පිවිතුරු හෙළ උරුමේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව දැඩිව විශ්වාස කළ ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කළේ ඒ අනුව යැයි ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

නමුත් ආණ්ඩුව ඉතා සූක්‍ෂමව පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ විසින් එම ඡන්දය ඉලක්ක කර ප්‍රචාරණයට වියදම් කළ අතිවිශාල මුදල අපතේ යන බැවින් එම ප්‍රචාරණ ව්‍යාපෘතිය අනුර කුමාර දිසානායක මහතා ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙසින් යළි සකස් කළ බව ද පිවිතුරු හෙළ උරුමේ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමේ නායකයා මේ බව සඳහන් කර සිටියේ අයිටීඑන් කැඩපත වැඩසටහන හා එක් වෙමිනි.

පොලිස්පති පත්කරීමේ අර්බුදය, ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තෝරා ගැනීම යනාදී කාලීන දේශපාලන කරුනු රැසක් මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

Related posts

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj

බාල තෙල් ගෙන්වන්නේ නෑ – VIDEO

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj
Translate »