23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsPolitical

බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..

රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම ආර්ථික ත්‍රස්තවාදීන් හොර කල්ලි මැර කල්ලි ගජමිතුරුන් සමග අත්වැල් බදගෙන රට බංකොලොත් කර ලෝකය වටේ සවාරි යමින් ජනතාවගේ ජනදුක පිළිබඳ කිසිදු හැගීමක් නොමැතිව කටයුතු කරන ආකාරය ගැන විරෝධය පළ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක කදුල වේදනාව ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නාරම්මල නගරයේ පැවැති ‘ජනපවුර – දඹදෙණිය’ වැඩසටහනට එක්වෙමිනි.

වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපතිවරයා ගජමිතුරුවාදය අනුගමනය කරමින් සිටින බවත් ජනතාව පෙලා ලබා ගන්නා බදු මුදල් දූෂණයෙන් වංචාවෙන් සොරකම් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදි පැවසීය.

රට සිංගප්පූරුවක් කරන බවත් වැල් පාලම් දිගේ ගොස් රට ගොඩනගන බව පැවසුවත් පෝලිම්වල මැරුණු, බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වූ අයට, පවුල් පිටින් සියදිවි නසා ගත් අයට පවා තවමත් යුක්තිය සාධාරණත්වය නොලැබී ඇති බවත් මේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට ගොඩ ගැනීමට සමගි ජන බලවෙගය කටයුතු කරන බවත් එසෙ ක⁣ටයුතු කර රට බංකොලොත් වීම නිසා අගතියට පත් සෑම පාර්ශ්වයකටම යුක්තිය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව අමනෝඥ ප්‍රතිපත්ති තුළින් රට විනාශ කරන බවත් ගජමිතුරු ධනවාදය අනුගමනය කරන මේ ආණ්ඩුව ජනබලයෙන් පලව හරින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

– Media unit

Related posts

මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..

Shiran Viraj

කොදෙව්වන්ට ලකුණු 106 ජයක්

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj
Translate »