mediahumanrights.lk
Local NewsNews

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

ගොදුරක් ගිල දැමු පිඹුරෙකු ජනපදයක් අසලට පැමිණිම හේතුවෙන් එම ජන පදයේ පදිංචිකරුවන් භීතියට පත් වි ඇත.

හැටන් පොලිස් වසමට අයත් කුඩාගම විනායගම්පුරම් ජනපදයේ නිවසක් අසලට (15) දින රාත්‍රියේ පැමිණ ඇති පිඹුරා එම නිවසේ දොර අසල රැදි සිටි බවත්, (16) දින අළුයම වන විට නිවස පිටුපස තිබු පුටුවක් යට තුල සිටින බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

නිවස අසල රැදි සිටින පිඹුරාට ඉදිරියට ඇදි යාමට නොහැකිව සිටිම නිසා (15) දින රාත්‍රියේ සිටම පිඹුරා නිවස අසල රැදි සිටින බවද එම නිවසේ පදිංචිකරුවන් කියා සිටියි.

අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ගොදුරු ගිල දමා ඇති පිඹුරා දින කිහිපයක් ඒ අසලම රැදි සිට පසුව රක්ෂිතයට ඇදි යන බවයි.

නිවස අසල රැදි සිටින පිඹුරා ඉන් ඉවත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Shiran Viraj

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

Shiran Viraj
Translate »