mediahumanrights.lk
Business Business News News

බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..

ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංග මහතා සඳහන් කරයි.

එසේ පොලි අනුපාත පහත නොදමන ආයතනවලින් මහ බැංකුව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති බවද හෙතෙම පැවසීය.

එසේම ඉදිරියේදී ලබාගන්නා ණය පහසුකම් වලට පමණක් නොව ලබාගෙන ඇති ණය පහසුකම් වලටද අදාළ පොලි අනුපාත අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

වෙලදපලේ බිත්තර අතුරුදහන්…

Shiran Viraj

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවම

Shiran Viraj

කෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

Shiran Viraj