28.8 C
Colombo
2026-10-30
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස දහ අටවැන දිනට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට සිදුවන බවයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීම අනුව අයවැයෙන් මුදල් වෙන්කර ඇති බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා ඇති බවද හෙතෙම කියා සිටියේය.

Related posts

ෆිච් රේටින්ග්ස් ශ‍්‍රි ලංකාව බංකොලොත් ලගම පඩියට දමයි..

Shiran Viraj

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සීල් තැබීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

Shiran Viraj
Translate »