30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

ආර්ථිකය පණ ගන්වන්න විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි…

“ආර්ථිකය පණ ගැන්වීමේ ඉදිරි ක්‍රියා මාර්ගය සඳහා, විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි. ස්ථාවරව ඒ ප්‍රතිපත්තියට අපි සියලු දෙනා කැප වී තිබෙන බව, මා විශ්වාස කරනවා, මුළු පාර්ලිමේන්තුවම. එය සාර්ථක කරන්න සහයෝගය හා සක්‍රීය දායකත්වය පෞද්ගලික අංශයෙනුත් අපි බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ පා.ම. නාලක බණ්ඩාර කොට්ටෙගොඩ මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“නාලක බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් නගන ලද ප්‍රශ්නයට අපේ අමාත්‍යතුමා පිළිතුරු දීමට මත්තෙන් මම සඳහන් කරන්නට කැමැතියි, විදේශ ආයෝජනයන් පිළිබඳව අපට පසුගිය කාලය තුළ ප්‍රධාන ගැටලු රාශියක් ඇති වී තිබෙනවා. සෑම ආණ්ඩුවක්ම විදේශ ආයෝජනයන් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය සදහා අයවැය ‍ලේඛනයද සහනයන් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා.

අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම වසරේ අයවැය ‍ලේඛනය ද ඒ සහන හා ප්‍රතිකර්මයන් ගරු ඇමතිතුමා සඳහන් කරයි. විශේෂයෙන් BOI ආයතනය හා EDB ආයතන දෙක ඒකාබද්ධ කොට අපනයනයන් වැඩි දියුණු කිරීම හා ඒ හා සම්බන්ධවත් ආයෝජකයන්ට වඩාත් සහනයක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ සතියේ අමාත්‍ය මණ්ඩලය විසින් තවත් ඉදිරි පියවරක් ගත්තා, ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළා, යාපනයේදී උතුරු පළාතේ ආයෝජන කලාප පහක් ඇති කිරීම සඳහා විශේෂ භූමි භාගයන් සහ සහනයන් ත්‍රිකුණාමලයට අතිරේකව ඇති කරන්න. මෙහි බලාපොරොත්තුව පෞද්ගලික ආයෝජන විදේශීය ආකර්ෂණය කොට ආයෝජනය කිරීමට ස්ථානගත ආයෝජන කලාපයන් ඇති කිරීමයි.

ඒ නිසා පසුගිය කාලය තුළ විවිධ බාධාවන් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රධාන කාරණාව අපි පිළිගන්න ඕනේ. අපේ ආයතන රාශියකට ආයෝජකයන්ට ගමන් කිරීමට සිදුවන ප්‍රශ්නය ආණ්ඩු ගණනාවක අවධානයට යොමු කොට, අද ඒ නිසා මේ ආයතනික හා නීතිමය අතරින් ඇති වී තිබෙන ප්‍රමාදයන් දුරු කිරීමට පියවර ගනිමින් තිබෙනවා. ඒ වගේම මම සභාගත කරන්න කැමැතියි අපේ ගරු පාර්ලිමේන්තුවේ ද ඔබතුමා කමිටියක් ඇති කළා. Doing Business Index එක සම්බන්ධව. ඒ පිළිබඳ පරීක්ෂණ කරලා තිබෙනවා. ඒ වාර්තාව මේ අවස්ථාවේදී එහි ඇත්ත දත්ත මූලාශ්‍ර ලෝක බැංකුව සමග සභාගත කරන්නට අදහස් කරනවා. ඒවගේම නීතිමය සංශෝධනයන් ගැන කලින් මං සඳහන් කළා. ගරු ඇමතිතුමා ඉතිරි කරුණු ගැන ප්‍රකාශ කරයි. අපි පිළිගන්නවා අපි ප්‍රකාශයට පත්කර තිබෙනවා, ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට විදේශ ආයෝජන පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි. ආර්ථිකය පණ ගැන්වීමේ ඉදිරි ක්‍රියා මාර්ගය සඳහා. ස්ථාවරව ඒ ප්‍රතිපත්තියට අපි සියලු දෙනා කැප වී තිබෙන බව, මා විශ්වාස කරනවා. මුළු පාර්ලිමේන්තුවම. එය සාර්ථක කරන්න සහයෝගය හා සක්‍රීය දායකත්වය පෞද්ගලික අංශයෙනුත් අපි බලාපොරොත්තු වෙනවා.’

– Media unit

Related posts

බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායකවිය යුතු බව ජනපති අවධාරණය කරයි

Shiran Viraj

ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයි

Shiran Viraj

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Shiran Viraj