mediahumanrights.lk
Local NewsNews

විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…

විශ්‍රාමික ප්‍රජාව යනු රටට තමන්ගේ යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබ සාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දැරණියගල නගරය ආසන්නයේ ඉදිකෙරෙන විශ්‍රාමික සුභසාධන කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , විශ්‍රාමිකයින්ගේ ඇති වැදගත්කම සලකා මෙවර අයවැයෙන් වැඩිකළ රු.2500.00 ලබන ජනවාරියේ සිටම ගෙවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

එසේම දීර්ඝ කාලයක සිට පවතින විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් පෙන්වා දුන් විශ්‍රාම වැටුප් විෂමතා රජය හඳුනාගෙන ඒ සඳහා පිළිතුරක් සෙවිය යුතුය යුතුයි යන්න රජයේ ස්ථාවරය බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

මෙම කාර්යාල ගොඩනැගිල්ල එම විශ්‍රමිකයන්ලේ සුබ සාධග සංගමය විසින් සපයා ගත් අරමුදලින් ඉදිකිරීමට නියමිත අතර, අමාත්‍යවරයාද තම පෞද්ගලික මුදලින් සැලකිය යුතු ප්‍රතිපාදන මේ සඳහා සපයා තිබේ.

– Media unit

Related posts

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

Shiran Viraj

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Shiran Viraj

වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි

Shiran Viraj
Translate »