2026-01-18
mediahumanrights.lk
NewsPolitical

තානාපති සේවයට තව පිරිස් ඉක්මනින් පත් කරන්න ඔ්නෑ..

‘පවතින පුරප්පාඩු සපුරාලීමට තානාපති සේවයට අලුතින් බඳවා ගැනීමට කටයුතු කරනවා’ යයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.

“අපේ විදේශ සේවයේ දී ඉතාම සීමාසහිත පිරිසක් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. අපේ තානාපති සේවයේ රටවල් 55 ලෝකයේම ඉන්නෙ 168 දෙනයි. 264 දෙනෙකු අනුමත වෙලා තිබුණත් 2018 ඉඳලා අපිට බඳවා ගන්න බැරි වෙලා තියෙනවා.

බඳවා ගැනීමේ පටිපාටියක් දැන් තියෙනවා.හොඳම අය තෝරාගෙන මේ විදේශ සේවය ශක්තිමත් කිරීමට අපිට අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතනවා. ඊට පස්සෙ අපි ක්‍රමවේදයක් සකස් කරන්නට ඕනෙ හැම අවුරුද්දෙම යම් දක්ෂ නිලධාරීන් ප්‍රමාණයක් බඳවා ගන්න”

– Media unit

Related posts

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Shiran Viraj

ප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…

Shiran Viraj

රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්

Shiran Viraj
Translate »