2026-01-14
mediahumanrights.lk
BusinessBusiness NewsNews

හිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483 ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් වෙයි.

ඒ අනුව, රට පුරා විසිරී සිටින අපගේ පාරිභෝගික භවතුන් විසින් මෙම සුවිශේෂී ජාතික කාර්ය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇත.

මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නවතාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී තිබීම අගය කල යුතුය. (change from Consumer to Pro-sumer / පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමුවීම).

මෙහි දී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන, වි‌ශේෂයෙන් බෙදාහැරීම් අංශවල අපගේ කාර්ය මණ්ඩල‌යේ මෙහෙවර ද අගය කල යුතුය.

අපගේ පාරිභෝගික භවතුන් ලංවිම සමග එක්ව සිදුකරන මෙම පරිසරහිතකාමී ව්‍යාපෘති මගින් රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය වන අතර මෙවැනි ධනාත්මක තොරතුරු මහජනතාව වෙත ලබා දීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයන්හි සහයෝගීතාවයද බලාපොරොත්තු වෙයි.

තවද මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් අවශ්‍ය නම් 0714 150 641 දුරකතන අංකය ඔස්සේ මා සම්බන්ධකර ගතහැකි බව වැඩිදුරටත් දන්වා සිටියි.

– ලංකා විදුලිබල මණ්ඩලය

Related posts

රටට නව නායකත්වයක් අවශ්‍යයයි

Shiran Viraj

පොහොට්ටුව දිනුවට ආණ්ඩුවට බලපෑමක් නෑ..ඉදිරියට යන්න අතදෙන්න – විපක්ෂ නායක දෙමළ පක්ෂවලින් ඉල්ලයි

Shiran Viraj

මුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයි

Shiran Viraj
Translate »