mediahumanrights.lk
Local NewsNews

පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…

වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් 14 හැවිරිදි සිය දියණියව බලහත්කාරයෙන් ලිංගිකව හැසිර ගැබිනියක් කිරීම හේතුවෙන් පියාට බරපතල වැඩසහිතව වසර 12 ක සිරදඩුවමක් නියම කිරීමට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා නියෝග කොට සිටියේය.

සුන්දර පුරම් ප්‍රදේශයේ පදිංචි මෙම දියණිය සහ පියා 2013 වසරේදී පියා විසින් සිය දියණියව දූෂණය කොට ඇති බවට අනාවරනය වී ඇති බවටත් එහිදී දියණිය ගැබ්ගෙන 2015 වසරේදී පිරිමි දරුවෙකු බිහිකිරීමත් සමග වව්නියාව පොලීසිය විසින් අදාල පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

පරික්ෂණ වලදි හෙලිවී තිබුනේ දියණියගේ මව විදෙස්ගතව සිටීම හේතුවෙන් පියා විසින් 14 හැවිරිදි දියණිය සමග ලිංගිකව හැසිර ඇති බවටය.

එතැන් සිට නඩුව විභාග වී මහාධිකරණය දක්වා යොමු කිරීමන් අනතුරුව දියණිය විසින් බිහිකරන ලද දරුවාගේ සහ දියණියගේ පියාගේ ඩී.එන්.ඒ පරික්ෂණයකින් අනතුරුව දරුවා දියණියගේ පියාගේ බවට තහවුරු වීමෙන් පසුව මහාධිකරණ විනිසුරු විසින් අදාල නියෝගය  ලබාදුනි.

මීට අමතරව දියණියට රුපියල් ලක්ෂ 6 ක වන්දියක්ද පියා විසින් ලබාදිය යුතු බවටද මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා විසින් නියෝගකරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ

Shiran Viraj

විරෝධතාකරුවෝ බැරියර් කඩාගෙන පාර්ලිමේන්තුව දෙසට.. තත්වය උණුසුම්..

Shiran Viraj

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්

Shiran Viraj
Translate »