2026-02-13
mediahumanrights.lk
NewsSportsSports News

ශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…

ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙයි.

ඒ නවසීලන්ත කණ්ඩායම සමග ඉන්දියාවේ බෙංගලාරුහිදීය.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දු යැවීම තෝරාගෙන ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ඉවතට විසි වී ඉවතට විසි වී ඇත.

නමුත් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වන්නේ මෙම තරඟය තරගයේ ජයග්‍රහණය ලබන වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය නිසාය.

අද ශ්‍රී ලංකාව පරාජය වුවහොත් එම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී යයි.

අනෙක් පසින් නවසීලන්ත කණ්ඩායමට ද මෙම තරගය ජයග්‍රහණය අවසන් පූර්ව වටයට යාම සදහා අත්‍යවශ්‍ය වී තිබේ.

බෙංගලරුහි පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමට වැඩි ඉඩක් ඇති බව කාලගුණ වාර්තා සදහන් කර ඇත.

Related posts

වහාම විනාශ කරන්න – බෝනික්කෙක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

Shiran Viraj
Translate »