mediahumanrights.lk
Local NewsNews

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැටලීම් සදහා පත්කර ඇති “විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ” පත්වීම නීති විරෝධීයි..

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත උල්ලංඝණය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් සදහා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් පත්කර ඇත. පාරිභෝගික කටයුතු අධිකාරියට නිළධාරීන් බදවා ගැනීම සිදු කල යුත්තේ බදවා ගැනීමේ පරිපාටියට අනුව වන අතර මෙම පත්වීම සිදුකර ඇත්තේ එම බදවා ගැනීමේ පරිපාටියද උල්ලංඝණය කරමිනි.

මේ වන විට ඔහු විසින් ඔහුට හිතවත් විමර්ශණ නිළධාරීන් යොදා ගනිමින් ඔහුගේ හිතමිතුරන් පිනවීම සදහා වැටලීම් දියත් කරමින් සිටී. මේ පිළිබදව ප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. ඔහුට නීත්‍යායුකූල පත්වීමක් නොමැති නිසා කිසියම් වැටලීමකදී ඔහු සහභාගීවන්නේ නම් එම වැටලීම නීත්‍යානුකූල නොවන බවත් ඔහුගේ ඇතුලුවීම අයුතු ඇතුලුවීම ගණයට වැටෙන බවත් නීතීඥයින් විසින් අප සංවිධානයට උපදෙස් ලබා දී ඇත.

ඔහුගේ ඇතුලුවීම කිසියම් වෙළෙන්දෙකු විසින් අභියෝගයට ලක්කල හොත් මෙරට පාරිභෝගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට තිබෙන පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්වනවා පමණක් නොව එය අර්බුදයකට ලක්වීමටද ඉඩ ඇති බැවින් මෙවැනි අනීතික ක්‍රියා වහාම නවතන ලෙස අප බළධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

තවද අනීතික පත්වීමක් ලබාදී ඔහුට වැටුප් හා දීමනා ලබා දීම මගින් රාජ්‍යදේපල අවභාවිතා කිරීම පිළිබදව අප සංවිධානය විසින් මේ පිළිබදව වන පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. ඉදිරියේදී මේ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද අප සංවිධානය කටයුතු කරමින් සිටී.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයි

Shiran Viraj

සජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි…

Shiran Viraj

සුළි සුළග උතුර කළඹයි..

Shiran Viraj
Translate »