2026-02-12
mediahumanrights.lk
NewsSportsSports News

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

ක්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ක්‍රිකට් තේරීම් කමිටුව සදහා අලුත් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අවලංගු නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් ජනාධිපතිට අවශ්‍ය නම් තමන්ව ඉවත් කර වෙනත් අමාත්‍යවරයෙක් පත් කර ඒ සඳහා කටයුතු කිරීමට පූර්ණ බලතල ඇති බවද තමන් එම නීතියට යටත් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියි.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග

Shiran Viraj

අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…

Shiran Viraj

ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයි

Shiran Viraj
Translate »