mediahumanrights.lk
Business Business News News

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

අවසර ලබාදී තිබු මාසය තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යංශය කියයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය අත්හිටුවා තිබේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.

වාහන වල අවශ්‍යතාවය, මාර්ගවල ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විදේශ විනිමය යන කරුණු පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතය.

Related posts

මනෝජ්ට දාහතයි

Shiran Viraj

ලංකාව ඉදිරියටත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්

Shiran Viraj

අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…

Shiran Viraj