23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිමයෙන්..

කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , ජලාශයේ ජල මට්ටම අඩි 140 දක්වා ඉහල ගොස් ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල මට්ටම අඩි 108 දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශයන් භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

ජලාශ දෙකේම ජල ධාරිතාව 90% දක්වා ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල  විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, පවතින අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතිය හොත් එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

Shiran Viraj

කඩුගන්නාව අසල ගල් පෙරළීමේ අවදානම: කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දමයි

Shiran Viraj

වෙල්ගම, ප්‍රසන්න, පවිත්‍රා, සී.බී, දිලුම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි? මන්ත්‍රී ධුරත් අහෝසි වන ලකුණු

Shiran Viraj
Translate »