25.6 C
Colombo
2026-02-05
mediahumanrights.lk
Uncategorized

පාර්ලිමේන්තුවේ ත‍්‍රස්තවාදීන් පිරිසක්…

පාර්ලිමේන්තුව තුළ දැන් සිටින්නේ දේශපාලඥයන් පිරිසක් නොව රට විනාස කිරීමට කුරුමානම් බලමින් සිටින ත්‍රස්තවාදීන් පිරිසක් යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.

රටට ජනතාවට ආදරය කරන කිසිදු පාලකයෙක් නැති බවත් ඔවුන්ගේ එකම පරමාර්ථය හොඳින් හෝ නරකින් තම මඩිය තරකර ගැනීම පමණක් බව ද උන්වහන්සේ පැවසූහ.

අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් වෙත ජාතික භික්ෂු එකමුතුව විසින් තිපත්ති ප්‍රකාශනය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ මේ බව කියා සිටියහ.

එහිදී උන්වහන්සේ තවදුරටත් මෙසේද පැවසූහ.

‘ජාතික ආරක්ෂාව පවා දැඩි තර්ජනයකට ලක්වෙලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උවමනාවට අනුව ත්‍රිවිධ හමුදාව ලක්ෂය දක්වා අඩු කරන්න යනවා. අඩුම වශයෙන් පොලිස්පතිවරයකු පත් කරගන්න බැරි ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ. මේ රටට වින කරන පක්ෂ අහෝසි කරන්නයි අපි උත්සාහ කරන්නේ.

අපි බලාපොරොත්තු වන නව පාලනයේදී ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ සිට සියලු දේ අහෝසි කළ යුතුයි. මේ රට පාලනය කරන්න 225ක් අවශ්‍ය නැහැ. 25ක් හොඳටම ඇති. වසර 75 ක් තිස්සේ පාලකයෝ කියන කණ්ඩායම රටට මොනවද කළේ? රට බංකොලොත් කළා විතරයි. එමනිසා රට පාලනය කරන දේශද්‍රෝහී කණ්ඩායමට කිසිදු සම්බන්ධතාවක් නොමැති නව රාජ්‍ය පාලනයක් ඇති කළ යුතුයි. පාර්ලිමේන්තුව කියන මහලු මඩමේ ඉන්න සියලුදෙනා ඉවත් කොට නව නායකත්වයක් යටතේ රට ගොඩ ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව’

Related posts

New York’s first women-only boxing club is here

Shiran Viraj

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

Shiran Viraj

උද්දමනය හොදටම බහී.. යුරෝපා රටවලුත් පන්නයි..

Shiran Viraj
Translate »