mediahumanrights.lk
NewsSportsSports News

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රචාරක දැන්වීම් කීපයක් ම ආවරණය කිරීමට කණ්ඩායම් කලමනාකරුවන් හා තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.

ජෆ්නා කින්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුමේ තිබූ පිරමිඩ සමාගමක සලකුණ ටේප් භාවිතයෙන් ආවරණය කර ඇති අතර ඔවුන්ගේ හෙල්මට්වල එම ලකුණද ආවරණය කර තිබේ.

අද පිටියේ ප්‍රධාන පුවරුවේද එම දැන්වීම් පෙන්වීමට කටයුතු කර නැති අතර පිටිය වටා පිහිටි තැන්වල ආවරණ කිරීමට කටයුතු කර තිබේ.

අදාල ආයතනය ක‍්‍රිප්ටො මුදල් භාවිතයෙන් පිරමීඩාකාර ගනුදෙනුවක නිරත වන බවට චෝදනා එල්ල වන අතර මහ බැංකුව ද සඳහන් කරන්නේ අදාළ ආයතනයන් සම්බන්ධයෙන් ඉතා සමීපව දැඩි නිරීක්ෂණයක සිටින බවයි.

මෙම සමාගම කි‍්‍රප්ටො මුදල් හුවමාරුවක් යයි පැවසුවද ඒ හරහා කිසිදු මුදල් ඒකකයක් වෙනත් මුදල් ඒකකයකට පරිවර්ථනය කිරීමට හැකියාවක් නැත.

Related posts

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Shiran Viraj

කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙති

Shiran Viraj

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා හෙළි වෙයි

Shiran Viraj
Translate »