mediahumanrights.lk
Local News News

උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයි

වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියයි.

කාංචන විජේසේකර අමාත්‍යවරයාට විරුද්ධවත් අධිකරණ ක්‍රියා මාර්ග ගොවීන් වෙනුවෙන් ලබාගන්නා බවද කීය.

උඩවලව ජලාශය මේ වන විට ජල ධාරිතාවය සියයට 2 ට ආසන්න මට්ටමට අඩුවී සිදී ගොස් ඇත.  වලවේ ගොවීන්ගේ වගා සදහා අඩුම තරමින් තවත් දින 10ක් වත් ජලය ලබාදිය යුතුවේ. මේ සදහා සමනල ජලාශයෙන් ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මේ වන විටත් ඇඹිලිපිටිය බස් නැවතුම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්බ කර දින 11 ක් ගතව ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විරෝධතා තවත් දැඩි කරන බව වලවේ ගොවීන් පවසයි‍.

සමනල ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත්කිරීමේ අරමුණ වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව අසලදී පවත්වන ලදී.

සමස්ත ලංකා ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සහ ගො වලව කලාපයේ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධාන වල නිළධාරී මහත්වරුන්  සහභාගී විය.

Related posts

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Shiran Viraj