23.9 C
Colombo
2026-02-22
mediahumanrights.lk
NewsPolitical

සජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..

සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු න්‍යායපත්‍රයෙන් ඔබ්බට ගොස් විවිධ ප්‍රශ්න මතු කළ අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ ඉල්ලීම කළේය.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

මේ සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය භාවිතා කිරීම වලක්වන්න කටයුතු කරන්න කියලා කතානායකතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු න්‍යායපත්‍රයෙන් පස්සේ මේ දේවල් කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා

පාර්ලිමේන්තුවේ විනය ගැන කතා කරාට පාර්ලිමේන්තුවේ න්‍යාපත්‍රය අවභාවිතා කරලා, විනය කඩනවා. කිසිම ක්‍රමවේදයක්, කිසිම පිළිවෙලක් නැතිව තමයි මේ දේවල් කරන්නේ. ජාතික කාර්යයක් කරන වෙලාවක, පාර්ලිමේන්තුව නැවත නැවත හෑල්ලු කරනවා.

මේ වගේ දේවල් කතා කර්න නියමිත වෙලාවක් ලබාදීලා තියෙනවා. නියමිත ක්‍රමවේදයක් තියෙනවා. හැමදාම විසිහත දෙක යටතේ හරි වෙන මොකක් හරි දෙයක් යටතේ හරි වෙන මොකක් හරි දෙයක් යටතේ හරි කෑ ගහලා පාර්ලිමේන්තුවේ කාලය කා දමන්න එපා කියලා ඉල්ලා සිටිනවා

– Media unit

Related posts

පොඩි වාහන හීනය සැබෑකර සත්තුන්ටත් අයවැය සහන දෙයි !

Shiran Viraj

පුරහල අවට ට්‍රැෆික්

Shiran Viraj

ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයි

Shiran Viraj
Translate »