mediahumanrights.lk
Local NewsNews

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු ඉක්මන් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන් සභාපති ධුරයෙන් ඉවත් කර ඇතැයි ඔහු අද මාධ්‍ය වෙත කියා සිටියේ ය.

මේ අතර ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන රියාස් මියුලර් මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

රොහාන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයකු ලෙස කටයුතු කරන බවද ටෙලිකොම් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj

වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ තමන්ට ලැබුණු නොබෙල් සාම පදක්කම ජනපති ට්‍රම්ප් වෙත පිරිනමයි

Shiran Viraj

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj
Translate »