mediahumanrights.lk
International NewsLocal NewsNews

අපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..

පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ණය පහසුකම ලබා ගැනීමේදී ලබාදුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා ස්තුතිය පළ කර තිබේ.

සැබෑ මිතුරකු ලෙස ශ්‍රී ලංකාව ඉටු කළ කාර්යභාරය අගමැතිවරයා බෙහෙවින් අගය කර ඇති අතර කලාපයේ සාමය හා සෞභාග්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කාර්යභාරයද අගය ඇත.

වත්මන් ආර්ථික දුෂ්කරතාවලින් පකිස්ථානයට හා ශ්‍රී ලංකාවට ඉක්මනින් ගොඩ ඒමට හැකි වනු ඇතැයි ද අගමැතිවරයා විශ්වාසය පල කර තිබේ.

ශ‍්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ පාකිස්ථානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරු බවත් මිතුරන්ට උපකාර කිරීම මිත්‍රත්වයේ ලක්ෂණයක් බවත් ය.

දෙරටේ නායකයන් අතර දුරකථන සංවාදයකදී මෙම කතාබහ සිදුව ඇත.

Related posts

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

Shiran Viraj

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයි

Shiran Viraj

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

Shiran Viraj
Translate »