mediahumanrights.lk
Local NewsNews

බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.

මෑතකදී සිට බස් අනතුරු ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ අලුතින් බස් රථ ධාවනයට එක් කිරීමට නොහැකිවීමත් මාර්ග වල අබලන් තත්ත්වයක් නිසා බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

බස්රථවලට යොදන අමතර කොටස් වල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇති බවත් එනිසා එම ගැටලූවට කඩිනමින් විසඳුම් අවශ්‍ය බවත් සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

2019 වසරෙන් පසු අලුත් බස් රථ මෙරටට ගෙන්වීමට අවස්ථාව ලබා නොදුන් බවත් එනිසා බස් කර්මාන්තයට අලුතින් බස් එකතු නොවන බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් බස් රථ අනතුරක් සිදු වූ විට එහි වගකීම රියැදුරු භාරගත යුතු බව ද පැවසූ ඔහු අනතුර සිදුවීමට බලපාන වෙනත් හේතු පිළිබඳව සොයා බලා විසඳිය යුතු බවද කියා සිටියේය.

මෑතකදී බස් අනතුරු කිහිපයක්ම සිදු වී ඇති නිසා පවතින ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී මෙවැනි අනතුර තවදුරටත් සිදු විය හැකි බවත් ඒ මහතා අනතුරු ඇඟවීය.

Related posts

අද අවසන් ගමන් යන ති.නා

Shiran Viraj

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

Shiran Viraj

A/L කරන්න ලකුණු අඩු වුණත්,තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්

Shiran Viraj
Translate »