2026-01-23
mediahumanrights.lk
Local NewsNews

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පොලිස් අණ නොතකා පැදවීම මත මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

නාවල හා කොළඹ ප්‍රදේශයේ පදිංචි සිසුවියන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මරදාන ඩීන්ස් පාරේ දී, මරදාන ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී, මරදාන කැලෑ පොල අසලදීත් ඔවුන්ට රථය නවත්තන්නැයි පොලිසිය සංඥා කර ඇතත් ඔවුන් එම අණ නොතකා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිසිය ඔවුන්ගේ රථය පසුපස හඹා ගොස් එය නවත්වා ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී පොලීසිය හා තරුණියන් පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇත.

පසුව තරුණියන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ගංවතුරෙන් මාස් කන්නයේ වී වගාවට දැවැන්ත හානි: අක්කර 274,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයි

Shiran Viraj

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Shiran Viraj

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌

Shiran Viraj
Translate »