28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන් කිහිප දෙනෙකු අතර වූ උණුසුම් තත්වය පිළිබඳ වාර්ථාවක් විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලා ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුම්රා පොන්නම්බලම් මහතා වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනතා රැස්වීමක් අතරතුරදී එම ස්ථානයේ රැඳී සිටි සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පිරිසක් සමග මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.

එහිදී මන්ත්‍රීවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත් ඉල්ලීමේදී පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂෙප කිරීමත් සමග දෙපාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

පසුව පොලිස් නිලධාරියෙකුගේ යැයි සැකකෙරෙන පුද්ගලයෙකුගේ උරහිසින් මන්ත්‍රීවරයා ඇල්ලීමට උත්සහ ගැනීමේදී මන්ත්‍රීවරයාගේ අත විසිකොට එම ස්ථානයෙන් පොලිස් නිලධාරියෙකු බවට සැකකෙරෙන් පදුගලයෙකු පලා යාමට උත්සහ කිරීමත් සමග මන්ත්‍රීවරයා සහ රැස්ව සිටි පිරිස් එක්ව අදාල නිලධාරීන් සමග උණුසුම් තත්වයක් හටගෙන ඇත.

පසුව එම ස්තානයට පැමිණි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමට පියවර ගත් අතර එම සිදුවීම ඇතුලුත් වීඩියෝ පට සමාජ මාධ්‍යන්හීද මේ දිනවල සංසරණය වෙමින් පවති.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද ගජෙන්දු කුමාර් පොන්නම්බලම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

Shiran Viraj

ඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයි

Shiran Viraj

රාජ්‍ය අධ්‍යාපනය කප්පාදුවට! ගුරු විද්‍යාල කිහිපයකුත් වැසිලා

Shiran Viraj