mediahumanrights.lk
Local NewsNews

GSP+ ලංකාවට නොලැබෙයි…

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් නැවතත් ඊට අයදුම් කළ යුතු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

2033 වසර දක්වා නැවත එම සහනය ලබා දෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගැනීමට නියමිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිත‍්‍රස්ත පනත හරහා යුරෝපා සංගමයේ සම්මුතීන් උල්ලංඝනය වන බවත් පැවසූ ඔහු මෙම බදු සහනය අහිමි වුයහොත් රටට ඩොලර් මිලියන 650 ක පමණ පාඩුවක් සිදුවන බවද කියා සිටියේය.

Related posts

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

Shiran Viraj

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Shiran Viraj

සුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…

Shiran Viraj
Translate »