mediahumanrights.lk
BusinessBusiness NewsNews

මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..

විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

නීති විරෝධී තීන්දු ගත් සියලු දෙනාටම ට එහි ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවද පැවසූ ඔහු මෙම තීරණය ආපසු හැරවීමට තමන්ට බොහෝ දුරට හැකිවනු ඇති බවද පැවසීය.

තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයේ 2024 වසරේ අගෝස්තු මාසය දක්වා රැදී සිටින බවත් තමන් ඉන් ඉවත් කිරීමට නම් විශේෂ ක්‍රමවේදයක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

තමන් සටන අතහැර නැති බවත් දැන් නියම සටන ආරම්භ කර ඇති බවත් පැවසූ ඔහු ව්‍යවස්ථා විරෝධී තීන්දු ගත් අයට ඒවා ආපසු වමාරන්නට වනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බවත් කියා සිටියේය.

ඕස්ට්‍රේලියාවේ සිට මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

Shiran Viraj

අලුත් ගමක් අලුත් රටක්

Shiran Viraj

රෝගීන්ට පිටතින් ඖෂධ ගැනීමේදී අධ්‍යක්ෂ අත්සන පෝරම අනිවාර්යයි – වෛද්‍ය සංගමය විවේචනය කරයි

Shiran Viraj
Translate »